.webp)
 (3)-626287.jpg)
එහි සභාපතිත්වය උසුලන්නේ ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂ අනෝමා පියදර්ශනීයි.
සෙසු සාමාජිකයින් ලෙස පරිසර අමාත්යංශයේ විමර්ශන අධ්යක්ෂ ඒ.එල් බස්නායක, පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ ජ්යේෂ්ඨ කථිකාචාර්ය එච්.ඊ.එල්. ද සේරම් කටයුතු කරයි.
වන ජීවි අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ, මසක් ඇතුළත කමිටු වාර්තාව ලබා දෙන ලෙස උපදෙස් දුන් බවයි.
කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තවත් විමර්ශන කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කළේ ය.
එම විමර්ශන කණ්ඩායම් ඊයේ(20) දිනයේ අඩවි වන නිලධාරී කාර්යාල කිහිපයක නිලධාරීන්ගෙන් ප්රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කළේ ය.
ඉදිරිපස දකුණු පාදයට සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ කාවන්තිස්ස ඇතාට වනජීවි පශු වෛද්යවරුන් ප්රතිකාර කරමින් සිටියදී ඉකුත් සිකුරාදා මියගියේ සියඹලාන්ගමුව යාය තුන ප්රදේශයේ වෙල් යායක ඇද වැටී සිටියදීයි.
