රාගම, බටුවත්ත සුසාන භූමියකින් මතු වුණු දේවල් මෙන්න

සුසාන භූමියක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්,එම මැගසීනයක් හා ජීව පතරොම් 24 ක් සොයා ගැනේ.

by Staff writer 21-10-2026 | 3:22 PM

COLOMBO(News1st) - රාගම බටුවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක වළදමා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්,එම මැගසීනයක් හා ජීව පතරොම් 24 ක් සොයා ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්ෂාවකදීයි.

රැඳවුම් නියෝග ලබා සිටින සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත එම ආයුධ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන එලෙස රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතී.