.webp)
-626269.jpg)
ඒ, අල්ලස් කොමිසම විසින් ඊයේ රාත්රීයේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස් බෝදරගම හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 16 වැනිදා ලැබුණු පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ වරෙන්තුවකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව අල්මාරියක තිබූ ආරක්ෂිත සේප්පුවක් සිය භාරයට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
විමර්ශන නිලධාරීන් දැනුම් දුන්නේ, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ 07 වන හා 15 වන වගන්තියේ ප්රතිපාදන ප්රකාරව අපරාධයකින් උත්පාදිත දේපළ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
අදාළ සේප්පුව ඊයේ පස්වරුවේ විවෘත කෙරුණු අතර, එහි තිබී රුපියල් ලක්ෂ 18 ක මුදලක්, රත්තරන් යැයි සිතිය හැකි පා සළඹ අටක් සහ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා අත් ඔරලෝසුවක් හමුවුණි.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය.
