අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි...

by Staff writer 26-10-2026 | 11:20 AM

COLOMBO (News 1st) - අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට කළුතර, නාගොඩ ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබේ.

පොලීසිය පැවසුවේ, ත්‍රීරෝද රථ රියැදුරුගේ විලුඹ ප්‍රදේශයට වෙඩි තැබීමෙන් තුවාල සිදුව ඇති බවයි.

ඔහු පොලිස් ආරක්ෂාව යටතේ කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

28 හැවිරිදි සැකකරු කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.