Dating Apps ගැන පොලීසියෙන් පණිවිඩයක්...

Dating Apps භාවිතයේදී සැලකිලිමත් වන්නැයි පොලීසියෙන් දැනුම් දීමක්...

by Staff writer 26-10-2026 | 9:46 AM

COLOMBO (News 1st) - අන්තර්ජාල පුද්ගල සබඳතා යෙදවුම් හෙවත් Dating App හරහා මිතුරු සබඳතා පැවැත්වීමේදී ඉතාම සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දැනුම් දෙයි.

පොලීසිය සඳහන් කළේ, අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්‍රේම සබඳතාවකට හෝ විවාහයට ආරාධනා කරමින් ඇතැම් පිරිස් මුදල් වංචා කිරීමේ ජාවාරම්වලට යොමු වී ඇති බවයි.

කිසිදු අවස්ථාවක නාඳුනන හෝ සැක සහිත යෙදවුම් ජංගම දුරකථනවලට ස්ථාපනය කර නොගන්නා ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ.

ආගන්තුක පුද්ගලයන් වෙත කිසිදු විටෙක බැංකු තොරතුරු, OTP අංක, මුරපද හෝ වෙනත් පුද්ගලික තොරතුරු මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා නොදෙන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී ඇත.