.webp)
-626911.jpg)
නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා තමන්ව නඩුවෙන් නිදහස් කරන ලෙස කර තිබූ ඉල්ලීම ද එහිදී ප්රතික්ෂේප කෙරුණි.
නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල හමුවේ කැඳවූ අවස්තාවේ විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බවට අධිකරණය විසින් දුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවයි.
එම නිසා ඇප ඉල්ලීම ප්රතික්ශේප කරන බව විනිසුරුවරයා කියා සිටියේය.
නදුන් චින්තක වික්රමරත්න නොහොත් 'හරක් කටා' මාර්ගගත ක්රමයෙන් විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී ඔහු විනිසුරුවරයා අමතමින් තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවත් අධිකරණ නියෝගයක් නොමැතිව ප්රතිකාර සඳහා රෝහලක් වෙත රැගෙන යා නොහැකි බවට බන්ධනාගාර නිළධාරීන් පවසන බවත් කියා සිටියේය.
උපුටා ගැනීම
නදුන් චින්තක වික්රමරත්න නොහොත් 'හරක් කටා'
“ස්වාමීනි..මම ආතරයිටීස් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක්. මගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඇවිදීමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මගේ දණහිසේ වතුර පිරිලා තියෙන්නේ කියලා බන්ධනාගාරයට මාව බලන්න එන වෛද්යවරයාත් කියනවා. නමුත් මට රෝහලකට ගොස් ප්රතිකාර ලබා ගන්න අධිකරණය නියෝගයක් අවශ්ය බව පවසනවා. මට වැසිකිලියටවත් යන්න බෑ ස්වාමීනී කකුල නමලා. එම නිසා මට ප්රතිකාර ලබා ගැනීමට සුදුසු නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනී.”
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විත්තිකරුට අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස වැලිසර බන්ධනාගාරය වෙත දැනුම් දෙන්නැයි අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.
නඩුව ගොනු කර ඇත්තේ නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්දීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් පස්දෙනාට එරෙහිවයි.
නඩුව දෙසැම්බර් 17 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
