.webp)

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික.සී.රාගල විසින්.
2022 වසරේ කොළඹ, මෝදර ප්රදේශයේ පොලීසිය කළ වැටලීමකදී හෙරොයින් ග්රෑම් 24 ක් සමග විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව ඔහුට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කළේය.
නඩු විභාගයෙන් අනතුරුව නියෝගය ප්රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවයි.
ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව, තීන්දුව ප්රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
