.webp)
 (7)-626971.jpg)
එය සංවිධානය කරන්නේ සංචාරක අමාත්යාංශය, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය සහ සිරස මාධ්ය ජාලයයි.
1964 ජූලි මස පළමු වනදා නිල වශයෙන් ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමය රටවල් හා කලාප 70 කට අධික සංඛ්යාවක් ආවරණය කරන විද්යුත් මාධ්ය ආයතන 230 කට අධික ප්රමාණයක් නියෝජනය කරයි.
අද වන විට මෙම සංවිධානය ලොව භූගෝලීය වශයෙන් සහ ජනගහනය අතින් විශාලතම විකාශන සංගමයයි.
ජාත්යන්තර ප්රමුඛ විකාශකයින් මෙන්ම කලාපයේ රාජ්ය සහ පෞද්ගලික මාධ්ය ජාලයන් එක් කරමින්, ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් වෙත සමීප වීමට මෙම සංගමයට හැකියාව පවතී.
අද සහ හෙට දෙදින කොළඹදී මහ සමුලුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡා වට කිහිපයක් පැවැවෙන අතර කලාපීය විද්යුත් මාධ්ය ඉදිරි ගමන් මගට අදාළ ප්රතිපත්ති සම්පාදනය එහිදී සිදුවේ.
මහ සමුලුවේ සමාරම්භක උත්සවය ලබන ඉරිදා Cinnamon Life, City of Dreams හිදී පැවැවෙන් අතර ලබන සදුදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්රමුඛ පෙලේ ශිල්පීන් සහභාගීවන ප්රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.
