.webp)
-627152.jpg)
රටේ අනාගත මානව සම්පත ලෙස ඔවුන් සිදුකර ඇති කැපවීම සහ ජයග්‍රහණ අගයමින් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ අනුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමිණි.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, “පළමුව රටේ ජනතාව” යන රජයේ ප්‍රතිපත්තිය අනුව අද වන විට ජනාධිපති අරමුදල ද ජනතාව වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි.
මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, ඉහළ විනයකින් යුතුව රට මෙහෙයවීමේ වගකීම උගත් හා බුද්ධිමත් පිරිසක් වෙත පැවරෙන පරිදි පාර්ලිමේන්තුව සකස් වී ඇති බවත්, නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ ලබන සිසු පරපුර දැනුමෙන් මෙන්ම යහගුණයෙන්ද පෝෂණය වී, තමන් ලැබූ දැනුම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගැනීමටත්, අනාගත නායකත්වයේ වගකීම භාරගැනීමටත් පෙරට පැමිණිය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අධ්‍යාපනය යනු දරුවෙකුට හුදෙක් දැනුම ලබාදීමකට පමණක් සීමා නොවන බවයි. සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමටත්, පරිසරයට ආදරය කිරීමටත්, ආගමික සහ සංස්කෘතික විවිධත්වයන් ඉවසමින් ඒවාට ගරු කිරීමටත් දරුවන් හුරු කිරීම මෙන්ම මානව වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීමද අධ්‍යාපනයේ අරමුණු අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින විෂමතා ඉවත් කරමින් සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සහ සමාන අධ්‍යාපන අවස්ථා උදාකරදීම වත්මන් රජයේ අපේක්ෂාව බව සඳහන් කළ අමාත්‍යවරයා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජනාධිපති අරමුදල ලබාදෙන දායකත්වයද අගය කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වීය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්,රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පත්මකුමාර සුභසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ,නිලූශා ලක්මාලි ගමගේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන නියෝජිතයෝද, අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද, ගුරවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඒක්ව සිටියහ.
