නඩුවකට නාමල්ට හම්බන්තොට අධිකරණයෙන් කැඳවීමක්

නඩුවකට අදාළව නාමල් රාජපක්ෂට හම්බන්තොට අධිකරණයේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්..

by Staff writer 02-11-2026 | 9:26 PM

COLOMBO(News1st) - හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහිව පැවති වීරෝධතාවේදී අත්අඩංගුවට ගත් 41ක් දෙනෙකුට විරුද්ධව පවරා ඇති නඩුව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද  කැඳවූවේය.

මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර නියෝග කලේ නඩුව හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර සැකකරුවන්ට අධි චෝදනා  ලබාදීම ලබන 16 වැනිදා සිදු කරන ලෙසටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතළිස් එක් දෙනෙක් මෙම නඩුවේ සැකකරුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර,ප්‍රසන්න රණවීර,පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන විත්තිකරුවන්  35 දෙනෙකු අද  අධිකරණයේ පෙනී සිටියේය.

වසර දහයකට ආසන්න කාලයක් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුව හම්බන්තොට දිසා මහෙස්ත්‍රත් අධිකරණයෙන් අවසන් කර මහාධිකරණය වෙත යොමු කිරීමට පියවර ගත් බව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී සදහන් කළේය.

බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ බන්ධනාගාරය මගින් ලබන 16 වෙනි දින චෝදනා භාර ගැනීම සඳහා මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.